Posts

Showing posts from 2019

කෝකිල සන්දේශය පිළිබඳ කෙටි හැදින්වීමක්

කෝකිල සන්දේශය   සපුමල් කුමාරයා කතා නායකයා වන අතර, මෙය පිළිගන්වනු ලබන්න්නේ ඔහුට ය​. කර්තෘ දෙවිනුවර ඉරුගල් කුලයට අයත් තිලක පිරුවන් හිමි ය​. දෙවිනුවර සිට යාපා පටුන දක්වා මග විස්තර කෙරෙන මෙය​, දීර්ඝත ම සිංහල සංදේශය යි. ආර්ය චක්‍රවර්තී රජු පරදවා ජය ගත්, සපුමල් කුමාරයාට හා ඔහු ගේ ඇමති ගණයා ඇතුළු සෙනගට ද, සන්හස් බෝදිනයිනා කැමිදුනට ද, ආරක්‍ෂාව සලසා දෙන ලෙස ඉල්ලීම උපුල්වන් දෙවියන්ගෙන් යැදීම මෙහි පරමාර්ථය යි . https://si.m.wikibooks.org/wiki/%E0%B6%9A%E0%B7%9D%E0%B6%9A%E0%B7%92%E0%B6%BD_%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81_%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%8A%E0%B6%BA

ගිරා සන්දේශය පිළිබඳ කෙටි හැඳින්වීමක්

ගිරා සන්දේශය   ගිරා සන්දේශය ලියැවී ඇත්තේ ක්‍රි.ව. 1457 - 1465 දක්වා කාලය අතරතුරය. මෙහි කතුවරයා කවුරුන්දැයි පැහැදිලි නැත. එහෙත් ඔහු විසුවේ ජයවර්ධනපුර මහාවිහාරයක බව විශ්වාස කෙරේ. එලෙසම කතුවරයා ගිරවා නික්මවන්නේ තමන් විසූ වෙහෙරින් වන බැවින් ඔහු සඟනමක් බවද පැහැදිලි වන්නකි.    පරෙවි,කෝකිල,සැළලිහිණි  මේ වන විට ලියැවී තිබූ සන්දේශ කාව්‍යයන් හි දූතයන් ගියේ දෙවියන් වෙතය නැතහොත් දෙවියන්ගෙන් ආසිරි රැගෙන රාජ්‍ය නායකයන් වෙතය. එහෙත් මෙම සන්දේශ කාව්‍යයේ දූතයා වන ගිරවා යනුයේ තොටගමුවේ විජයබා පිරිවෙන්පති වෙතය. ශ්‍රී සංඝබෝධිවිජයබා නමින් මේ ග්‍රන්ථයෙහි දැක්වෙන මෙම පිරිවෙන්පති,  රහල් හිමියන්  ආදී බව පිළිගෙන ඇත.

සැළලිහිණි සන්දේශය පිළිබඳ කෙටි හැඳින්වීමක්

සැළලිහිණි සන්දේශය සැළලිහිණි සන්දේශය යනු  කෝට්ටේ යුගයෙහි විසූ දීප්තිමත් ම කවියකු සේ ලෙස සැලකෙන ෂඩ්භාෂාපර‍මේශ්වර ත්‍රිපිටකවේදී තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්හිමියන් ලියූ සන්දේශ කාව්‍යයකි. පක්ෂියෙකු හෝ වෙනත් කිසිවෙකු දූත මෙහෙවරෙහි යොදා‍ යැවෙන සන්දේශයක් හෙවත් අස්නක් සේ රචිත කාව්‍යය විශේෂය  සන්දේශ කාව්‍යයනමින් ‍හැඳින්වේ. දැන‍ට අප අත‍ට පත්ව ඇති පැරණිම සිංහල සන්දේශ කාව්‍යය ගම්පොළ යුගයේ දී ලියැවුණු මයුර සන්දේශ කාව්‍යය යි. සන්දේශ කාව්‍යය එහි ස්වර්ණමය යුගයට එළඹියේ කෝට්ටේ යුගයෙහි  දී ය. ඉන් පසු එය  සීතාවක යුගය  ඔස්සේ නූතන අවධිය දක්වා වැඩී ගියේ ය. රහල් හිමියන් ගේ උසස් ම කාව්‍යය‍ ලෙස සාහිත්‍යකාමින්ගේ පැසසුම් දිනා සි‍‍ටින්නේ සැළලිහිණි සන්දේශය යි. එය රචිතව ඇත්තේ ස වන පැරකුම්බා රජුගේ කණිටු දියණියන් වන ලෝක නාථ හෙවත් උලකුඩය දේවියට, රාජ්‍ය භාරයට පුත් කුමරකු ලබා දෙන ලෙස  කැළණියේ විභීශනදෙවියන්ට කෙරෙන ආයාචනක ස්වරූපයෙනි. මෙය ‍පද්‍ය 108 කින් සමන්විත, නවමු අදහස්, උපමා, අලංකාර ආදිය සරල සුමට සුලලිත පදමාලාවකින් දැක්වීමට ස...

පරෙවි සන්දේශය කෙටි හැඳින්වීමක්

පරෙවි සන්දේශය    ශ‍්‍රී රාහුල හිමියන් විසින් පරෙවි සන්දේශය ලියන ලදී. ඒ බව පරෙවි අස්නේ සඳහන් වන, “කඳ කුමරුන් වර ලද පසළොස්   වයසවදහළ රහල් වැඩි තැන කල රුවු   සඳෙස” කියමනෙන් පැහැදිලි වෙයි. ශ‍්‍රී රාහුල හිමියන් වාසය කළේ තොටගමුවේය. නමුත් පරෙවියා පිටත් කර හරින්නේ එවකට අගනුවර ලෙස සැලකෙන ජයවර්ධනපුරයේ සිටයි. දෙවිනුවර උපුල්වන් දේවාලයට පරෙවියා සන්දේශය රැගෙන යයි.ශ‍්‍රී රාහුල හිමියන් මුලින්ම පරෙවියාට ආසිරි පතන්නේ මෙවැනි ගීයකිනි.සැරද පරෙවිඳු සඳ – පඬුවන් සුරත් සරණින්පහළ හළ කිරි මුහුදින් - සහ පබළ පලු සක්වන්! “සුදු සිරුරත් රතු පාට වන් වූ පතුලත් නිසා හරියට කිරි මුහුදින් පහළ වූ පබලා දලුවලින් යුක්ත හක්ගෙඩියක් බඳු පරෙවි රජතුමාණෙනි බොහෝ කල් ජීවත් වන්න” නූතනයේ කෝට්ටේ නමින් හැඳින්වෙන ප‍්‍රදේශය අතීතයේ ජයවද්දන පුරය නම් විය. මේ පුරය අලගක්කෝනාර නම් ඇමතිවරයා විසින් ගොඩ නගන ලදී. මෙහි සිටි බලවත්ම මහ රජාණෝ හයවැනි පැරකුම්බා වෝය. දොන් ජුවන් ධර්මපාල රජතුමා රජකම් කළ ජයවර්ධන පුරය පරෙවි කතුවරයා වර්ණනා කරන්නේ මෙසේය. කළ සුලකළ හෙළ රුවනින් තුඟු   නැබළලෙළ සිසිලින් පිරි පිරි වෙතැ පවුරු   දුලඅළ...

හංස සන්දේශය පිළිබඳ කෙටි හැඳින්වීමක්

හංස සන්දේශය කෝට්ටේ යුගයේ බිහි වූ සන්දේශයන් අතර මුලින් ම රචනා වූ සන්දේශය වශයෙන් සැලකිය හැක්කේ හංස සන්දේශය  යි.මේ සන්දේශය රචනා කිරිමේ පරමාර්ථය රතන සූත්‍රය පිරුවා බෞද්ධ දෙවි වරුනට පින් දී ඒ දෙවියන්ගේ ආශිර්වාදය ස වන පැරකුම්බා රජු වෙත ලබා දීම සඳහා කෑරගල පද්මාවතී පිරුවන් පති කෑරගල වනරතන මාහිමියන් වෙත සංසයෙකු අත කෝට්ටේ සිට අස්නක් යැවීම ය.කෑරගල වනරතන මාහිමියන් සංඝරාජ පදවිය දරා ඇත්තේ ස වන පැරකුම්බා රජුගේ පාලනයෙහි මුල් අවුරුදු කිහිපය තුළ නිසා මෙම හංස සන්දේශය කෝට්ටේ යුගයේ මුල් ම සන්දේශය වශයෙන් සැලකිය හැකි ය.එසේ ම මෙම සන්දේශයෙහි සිරි පැරකුම්බා රජු ගැන කැරෙන වැනුමෙහි දී ඒ රජු කෝට්ටේ රජ වීමෙන් පසුව කළ නොයෙක් සටන් හා ලැබූ ජයග්‍රහන පිළිබඳ ව නැති බැවින් මෙම සන්දේශය එම රජුගේ රාජ්‍ය කාලයෙහි මුල් අවුරුදු කීපය තුළ ලියැවුණු බවට සැලකිය හැකි ය. කාලයක් තිස්සේ ම හංස සන්දේශ කතු වරයාගේ නම අවිනිශ්චිත ව පැවැති නමුත් එය වීදාගම හිමියන්ගේ කෘතියක් බව බොහෝ විද්වතුන් විසින් සලකන ලද බව පෙනේ.කෙසේ වුවත් ඇතැම් පුස්කොළ පිටපත්හි කතු වරයාගේ නම සඳහන් පද්‍ය තුනක් සොයා ගනු ලැබ එය ශ්‍රී ධර්මාරාම සංස්කරණයෙහි සංශෝධිත මු...

කෝට්ටේ යුගයේ සන්දේශ සාහිත්‍යය

කෝට්ටේ යුගයේ සන්දේශ සාහිත්‍යය සංස්කෘත භාෂවේ එන සන්දේශ යන්නෙහි තේරුම වන්නේ පණිවිඩය යන්නයි .එය සිංහලයෙහි හස්න,සදෙස,අස්න යන නම්වලින් හඳුන්වයි.සන්දේශයක ප්‍රධාන අරමුණ වූයේ යම්කිසි පණිවුඩයක් යැවීමයි.බොහෝවිට එම පණිවිඩය දෙවියන්ගේ ආශිර්වාදය බලාපොරොත්තුවෙන් යවන ලද්දකි.සිංහලයේ සන්දේශ කාව්‍ය රචනා වීමට පෙර සංස්කෘත සාහිත්‍යයෙහි දූත කාව්‍ය බිහි විය.වලාකුළක් අත යක්ෂයෙකු විසින් සිය බිරිඳ වෙත යවන ලද පණිවිඩයක් ආකාරයෙන් රචනා කරන ලද කාලිදාසගේ මේඝ දූතය සංස්කෘත සාහිත්‍යයෙහි ප්‍රථම දූත කාව්‍යයි .එය ඇසුරු කරගනිමින් බොහෝ දූත කාව්‍ය රචනා වී තිබේ. සිංහල සාහිත්‍ය ඉතිහාසයේ ප්‍රථම සන්දේශ කාව්‍ය වන්නේ දැනට අභාවිත මයුර සන්දේශය බව උගතුන්ගේ අදහසයි .එය වර්තමානය වන විට අවිද්‍යමාන වුව ද එවැනි සන්දේශ කාව්‍යයක් පැවති බවට සාධක හමුවේ.නිදසුනක් ලෙස දහතුන්වන සියවසේ රචිත සිදත් සඟරාවෙහි දැක්වෙන, "මොනරිදුහු එකල්හි පුල් සඟල නවා ගනී" "කල් වන් බිඟු මහත් වන හිරු පන්     වත" යන පාඨ මයුර සන්දේශයෙන් උපුටා ගත් පාඨ ලෙස සිදත් සඟරා සන්නයෙහි දැක්වේ.ඇතැම් විද්වතුන්ගේ මතය වන්නේ  දැනට දක්නට ලැබෙන පැරණිම සන්දේශය තිසර ස...

කෝට්ටේ යුගයේ සාහිත්‍යය

ලාංකේය සිංහල සාහිත්‍යයේ විශිෂ්ටතම යුගය කෝට්ටේ යුගයයි.මෙම යුගයේ ඇති විශිෂ්ට බව හේතුවෙන් මෙම යුගය සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස හඳුන්වයි.කෝට්ටේ යුගයේ දී සිංහල සාහිත්‍යයේ විශාල පෙරලියක් ඇති විය.එනම් මෙම යුගයේ දී ගද්‍ය සාහිත්‍යයේ පිරිහීම හා පද්‍ය සාහිත්‍යයේ නැගීම සිදු විය.ඒ ආකාරයට මෙම යුගයේ දී පද්‍ය සාහිත්‍යයේ නැගීම සිදු විය.තව ද මීට අමතරව මෙම යුගයේ දී සිවුපද කාව්‍යට ප්‍රියතාවයක් දැක්වීම , විරුද කවියෙහි ආරම්භය , සන්දේශ රචනයට නැඹුරු වීම යනාදිය ද මේ යුගයෙහි සාහිත්‍යකරණයේ දී සිදු වූ වෙනස්කම් වේ.තව ද මෙම යුගයේ දී  සාහිත්‍යාංග කිහිපයක් ද මෙම යුගයේ බිහි වී ඇත.එනම්, සිලෝ කාව්‍ය ප්‍රශස්ති කාව්‍ය කථා කාව්‍ය කෝෂ කාව්‍ය කෝට්ටේ යුගයේ සිංහල සාහිත්‍යයෙහි දැකගත හැකි පැහැදිලි ම වෙනස වන්නේ ගද්‍යකරණයෙහි පරිහානියයි..එකල ගද්‍ය සාහිත්‍ය කෙරෙහි පැවති නැඹුරුව ඉතා අල්ප වී ඇත.එකල ලියැවී ඇති ගද්‍ය කෘති ප්‍රමාණය අල්පය.එකල ලියැවී ඇති බොහොමයක් ගද්‍ය කෘති පහළොස්වන සියවසේ මුල් කාලයට අයත් බවට විශ්වාස කරයි.මෙකල ලියූ බොහොමයක් කෘති ඉතා ගැඹුරු සංකීර්ණ භාෂවකින් ලියා ඇත.ඒවා සාමාන්‍ය ජනයා හට තේරුම් ගැනීම අප...

First Post

Image
My first post in my blog.

මාතෘකාව

කෝට්ටේ යුගයේ සංදේශ තුළ නිරූපිත දෙවියන්

කෙටි හැදින්වීමක්

හැදින්වීම සිංහල සාහිත්‍ය යුගය තුළ කෝට්ටේ යුගය ස්වර්ණමය යුගය ලෙස හැදින්වේ.මෙම යුගය තුළ සාහිත්‍ය නිර්මාණ විශාල ප්‍රමාණයක් බිහි වී ඇත.කෝට්ටේ යුගය පද්‍ය සාහිත්‍යයට විශාල මෙහෙයක් සිදු වූ යුගයකි.මෙම යුගය තුළ සියලුදෙනාම හදුනනු ලබන සංදේශ නිර්මාණය වී ඇත.එම සංදේශ හය මෙසේය. ගිරා සංදේශය පරවි සංදේශය කෝකිල සංදේශය හංස සංදේශය සැළලිහිණි සංදේශය         යන ඒවා වේ. මෙම සංදේශ ලංකාව තුළ බිහිවූවායැයි සලකණු ලබන දෙවිවරු මූලික  කොටගෙන නිර්මාණය කර ඇත.