හංස සන්දේශය පිළිබඳ කෙටි හැඳින්වීමක්



හංස සන්දේශය

කෝට්ටේ යුගයේ බිහි වූ සන්දේශයන් අතර මුලින් ම රචනා වූ සන්දේශය වශයෙන් සැලකිය හැක්කේ හංස සන්දේශය  යි.මේ සන්දේශය රචනා කිරිමේ පරමාර්ථය රතන සූත්‍රය පිරුවා බෞද්ධ දෙවි වරුනට පින් දී ඒ දෙවියන්ගේ ආශිර්වාදය ස වන පැරකුම්බා රජු වෙත ලබා දීම සඳහා කෑරගල පද්මාවතී පිරුවන් පති කෑරගල වනරතන මාහිමියන් වෙත සංසයෙකු අත කෝට්ටේ සිට අස්නක් යැවීම ය.කෑරගල වනරතන මාහිමියන් සංඝරාජ පදවිය දරා ඇත්තේ ස වන පැරකුම්බා රජුගේ පාලනයෙහි මුල් අවුරුදු කිහිපය තුළ නිසා මෙම හංස සන්දේශය කෝට්ටේ යුගයේ මුල් ම සන්දේශය වශයෙන් සැලකිය හැකි ය.එසේ ම මෙම සන්දේශයෙහි සිරි පැරකුම්බා රජු ගැන කැරෙන වැනුමෙහි දී ඒ රජු කෝට්ටේ රජ වීමෙන් පසුව කළ නොයෙක් සටන් හා ලැබූ ජයග්‍රහන පිළිබඳ ව නැති බැවින් මෙම සන්දේශය එම රජුගේ රාජ්‍ය කාලයෙහි මුල් අවුරුදු කීපය තුළ ලියැවුණු බවට සැලකිය හැකි ය.
කාලයක් තිස්සේ ම හංස සන්දේශ කතු වරයාගේ නම අවිනිශ්චිත ව පැවැති නමුත් එය වීදාගම හිමියන්ගේ කෘතියක් බව බොහෝ විද්වතුන් විසින් සලකන ලද බව පෙනේ.කෙසේ වුවත් ඇතැම් පුස්කොළ පිටපත්හි කතු වරයාගේ නම සඳහන් පද්‍ය තුනක් සොයා ගනු ලැබ එය ශ්‍රී ධර්මාරාම සංස්කරණයෙහි සංශෝධිත මුද්‍රණයක 1931 දී පළ වූ පසු හංස සංදේශ කතුවරයා වීදාගම හිමියන් බව තහවුරු විය.

Comments

Popular posts from this blog

කෝට්ටේ යුගයේ සාහිත්‍යය

කෝට්ටේ යුගයේ සන්දේශ සාහිත්‍යය