සැළලිහිණි සන්දේශය පිළිබඳ කෙටි හැඳින්වීමක්



සැළලිහිණි සන්දේශය

සැළලිහිණි සන්දේශය යනු  කෝට්ටේ යුගයෙහි විසූ දීප්තිමත් ම කවියකු සේ ලෙස සැලකෙන ෂඩ්භාෂාපර‍මේශ්වර ත්‍රිපිටකවේදී තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්හිමියන් ලියූ සන්දේශ කාව්‍යයකි.
පක්ෂියෙකු හෝ වෙනත් කිසිවෙකු දූත මෙහෙවරෙහි යොදා‍ යැවෙන සන්දේශයක් හෙවත් අස්නක් සේ රචිත කාව්‍යය විශේෂය  සන්දේශ කාව්‍යයනමින් ‍හැඳින්වේ. දැන‍ට අප අත‍ට පත්ව ඇති පැරණිම සිංහල සන්දේශ කාව්‍යය ගම්පොළ යුගයේ දී ලියැවුණු මයුර සන්දේශ කාව්‍යය යි. සන්දේශ කාව්‍යය එහි ස්වර්ණමය යුගයට එළඹියේ කෝට්ටේ යුගයෙහි  දී ය. ඉන් පසු එය සීතාවක යුගය ඔස්සේ නූතන අවධිය දක්වා වැඩී ගියේ ය.
රහල් හිමියන් ගේ උසස් ම කාව්‍යය‍ ලෙස සාහිත්‍යකාමින්ගේ පැසසුම් දිනා සි‍‍ටින්නේ සැළලිහිණි සන්දේශය යි. එය රචිතව ඇත්තේ ස වන පැරකුම්බා රජුගේ කණිටු දියණියන් වන ලෝක නාථ හෙවත් උලකුඩය දේවියට, රාජ්‍ය භාරයට පුත් කුමරකු ලබා දෙන ලෙස  කැළණියේ විභීශනදෙවියන්ට කෙරෙන ආයාචනක ස්වරූපයෙනි.
මෙය ‍පද්‍ය 108 කින් සමන්විත, නවමු අදහස්, උපමා, අලංකාර ආදිය සරල සුමට සුලලිත පදමාලාවකින් දැක්වීමට සමත්, මාත්‍රා 18කින් යුක්ත ගීතමය විරිතක් වන සමුද්‍රඝෝශ විරිතෙන් රචිත ගීතමය සංදේශයකි කාව්‍යය‍කි. එහෙයින් සැළලිහිණි සන්දේශයට සිංහල සාහිත්‍යයේ හිමි වන්නේ උසස් තැනකි.

Comments

Popular posts from this blog

කෝට්ටේ යුගයේ සාහිත්‍යය

හංස සන්දේශය පිළිබඳ කෙටි හැඳින්වීමක්

කෝට්ටේ යුගයේ සන්දේශ සාහිත්‍යය