කෝට්ටේ යුගයේ සන්දේශ සාහිත්‍යය
කෝට්ටේ යුගයේ සන්දේශ සාහිත්‍යය
සංස්කෘත භාෂවේ එන සන්දේශ යන්නෙහි තේරුම වන්නේ පණිවිඩය යන්නයි.එය සිංහලයෙහි හස්න,සදෙස,අස්න යන නම්වලින් හඳුන්වයි.සන්දේශයක ප්‍රධාන අරමුණ වූයේ යම්කිසි පණිවුඩයක් යැවීමයි.බොහෝවිට එම පණිවිඩය දෙවියන්ගේ ආශිර්වාදය බලාපොරොත්තුවෙන් යවන ලද්දකි.සිංහලයේ සන්දේශ කාව්‍ය රචනා වීමට පෙර සංස්කෘත සාහිත්‍යයෙහි දූත කාව්‍ය බිහි විය.වලාකුළක් අත යක්ෂයෙකු විසින් සිය බිරිඳ වෙත යවන ලද පණිවිඩයක් ආකාරයෙන් රචනා කරන ලද කාලිදාසගේ මේඝ දූතය සංස්කෘත සාහිත්‍යයෙහි ප්‍රථම දූත කාව්‍යයි .එය ඇසුරු කරගනිමින් බොහෝ දූත කාව්‍ය රචනා වී තිබේ.
සිංහල සාහිත්‍ය ඉතිහාසයේ ප්‍රථම සන්දේශ කාව්‍ය වන්නේ දැනට අභාවිත මයුර සන්දේශය බව උගතුන්ගේ අදහසයි.එය වර්තමානය වන විට අවිද්‍යමාන වුව ද එවැනි සන්දේශ කාව්‍යයක් පැවති බවට සාධක හමුවේ.නිදසුනක් ලෙස දහතුන්වන සියවසේ රචිත සිදත් සඟරාවෙහි දැක්වෙන,
"මොනරිදුහු එකල්හි පුල් සඟල නවා ගනී"
"කල් වන් බිඟු මහත් වන හිරු පන් වත"
යන පාඨ මයුර සන්දේශයෙන් උපුටා ගත් පාඨ ලෙස සිදත් සඟරා සන්නයෙහි දැක්වේ.ඇතැම් විද්වතුන්ගේ මතය වන්නේ දැනට දක්නට ලැබෙන පැරණිම සන්දේශය තිසර සන්දේශය බවයි.ඩී.බී ජයතිලක, සී.ඊ.ගොඩකුඹුරේ, සෙනරත් පරණවිතාන යන අය මෙම අදහස් දක්වා තිබේ තිසර සන්දේශය, මයුර සන්දේශයට පසුව රචිත සන්දේශ කාව්‍යයක් බවඇතැමුන් පවසා ඇත්තේ තිසර සන්දේශයෙහි සඳහන් පැරකුම්බා රජු ඉන් මෑත කාලෙක විසූ බව සැලකීමෙනි.
ගම්පොළ රාජධානි සමයේ ආරම්භ වූ සන්දේශ කාව්‍යයෙහි දියුණුම අවධියවූයේ කෝට්ටේ යුගයයි.මෙම අවධියේ දී රචිත සංදේශ කාව්‍ය ඉතා උසස් තත්ත්වයක පැවති අතර ජනප්‍රියත්වයට ද පත් විය.එම සෑම සන්දේශ කාව්‍යය එම සෑම සන්දේශ කාව්‍යයක් තුළම හයවැනි පැරකුම් රජු වර්ණනා කර දැක්වීමෙන් පෙනී යන්නේ එම රජු සාහිත්‍ය සඳහා කළ සේවයයි.මෙන රජුගේ රාජ්‍ය සමයෙන් පසු උසස් සන්දේශ බිහි නොවූ බව පෙනේ.කෝට්ටේ යුගයේ දී සන්දේශ පහක් රචනා විය.
- ගිරා සන්දේශය
- හංස සන්දේශය
- පරෙවි සන්දේශය
- කෝකිල සන්දේශය
- සැළලිහිණි සන්දේශය
Thank u mchn
ReplyDeleteකෝට්ටේ යුගයේ රචනා වූ උපදේශාත්මක කාව්‍ය ග්‍රන්ථ මොනවද .?
ReplyDeleteසැලලිහිනි සන්දෙශයගෙන විස්තර
ReplyDeleteකෝට්ටේ යුගයේ පිරිවෙන් දෙකක් කියන්නකෝ ?
ReplyDelete